150
රතු මුහුදේ සංචාරක සබ්මැරීනයක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ අලුයම ඊජිප්තුවේ හුර්ගාඩා නගරයේ වෙරළට ඔබ්බෙන් මේ අනතුර සිදුවී ඇති අතර, එහිදී පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
අනතුරින් පසු එම සබ්මැරීනයේ සිටි සංචාරකයන් 29 දෙනකු බේරා ගැනීමට ඊජිප්තු වෙරළාරක්ෂක බළකාය සමත්වූ බවත් වාර්තා වේ.
සබ්මැරීනය අනතුරට ලක්වන විට එහි සංචාරකයන් 40 දෙනකු සිටි බවත්, ඔවුන් සියලුදෙනාම රුසියානු ජාතිකයන් බවත් ඊජිප්තුවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.