අමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ රට පුරා සෞඛ්‍ය ආයතනවල සේවය කරන පූර්ණකාලීන සේවකයන් දසදහසක් ඉවත් කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝග මත සිදු කිරීමට නියමිත මේ දැවැන්ත සේවක කප්පාදුව හේතුවෙන් එරට සෞඛ්‍ය සේවකයන් 25% කින් අඩු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එරට සෞඛ්‍ය සේවා ලේකම් රොබට් එෆ්. කෙනඩි සිය කාර්ය මණ්ඩලයේ සේවකයන් දසදහසක් කපාහැරීමට සැලසුම් කරන බව ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරියකු මාධ්‍ය වෙත අදහස් පළ කර ඇතැයි ද, එම දැවැන්ත ප්‍රතිසංස්කරණය අමෙරිකාවේ සෞඛ්‍ය සේවයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සති කිහිපයක වැටුප් සහ අමෙරිකානු ඩොලර් 25,000ක දීමනාවක් සමඟ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට එරට සෞඛ්‍ය අංශයේ සේවකයන්ට මීට පෙර එරට ට්‍රම්ප් පරිපාලනය විසින් පැකේජයක් හඳුන්වා දෙනු ලැබූ අතර, ඊට එරෙහිව සෞඛ්‍ය සේවකයන් විරෝධතාව පළ කර තිබූ බව ද වාර්තා වේ.