109
‘රණවිරු රියල් ස්ටාර්’ වැඩසටහනින් කරළියට ආ චරිත් කුලතිලක විසින් එදා මෙදාතුර ගායනා කළ ගීත 50ක් ඇතුළත් නිර්මාණ එකතුවක් ‘චරිතාභිනන්දන ගී රසෝඝය’ නමින් මෙම 29දා සවස 5.30ට මරදාන එල්පින්ස්ටන් රඟහලේදී දොරට වැඩීමට කටයුතු සූදානම්ය. මෙදින චරිත් කුලතිලකගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය. එහිදී ඔහු සමඟ යුග ගායනයෙන් පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ දියණිය වන සුභානි අමරදේව සහ යුද්ධ හමුදාවේ අයෝමි පෙරේරා එක්වීමට නියමිතය. චරිත් මියුසික් වීඩියෝ නමින් යූ ටියුබය ඔස්සේද ඔහුගේ ගීත රසවිඳිය හැකිය.