Home » “දුවට මවක මිස” විශේෂ දර්ශනයක්

“දුවට මවක මිස” විශේෂ දර්ශනයක්

by sachintha
March 28, 2025 4:42 pm 0 comment

ප්‍රවීණ සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අනූවෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ‘දුවට මවක මිස’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් අද සවස 6.00ට කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි Alliance Francaise de හිදී තිරගත කෙරේ. මෙම විශේෂ සිනමා දැක්ම සංවිධානය කරනු ලබන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම විසිනි.

‘දුවට මවක මිස’ චිත්‍රපටය 1997දී තිරගත වූ අතර මෙහි තිර නාටකය රචනා කරන ලද්දේ ටෝනි රණසිංහ විසිනි. සංගීතා වීරරත්න, ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, ශ්‍රියාණි අමරසේන, රන්ජන් රාමනායක, වසන්ති චතුරාණි, ඩබ්ලිව්. ජයසිරි, මැණිකේ අත්තනායක, යශෝධා විමලධර්ම ඇතුළු පිරිස රංගනයෙන් එක්වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT