ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණයේ නැවුම් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට සුප්‍රීම් ටීවී විසින් හඳුන්වා දෙන නවතම අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT platform) සෑන්ඩ්බ්‍රික්ස් (“SANDBRIX”) මෙසේ එළිදකින වගයි.
වලාව අන්තර්ජාල රූපවාහිනී සේවා ක්ෂේත්‍රයේ විප්ලවීය ක්‍රියාකරුවකු වන Andbrix සමාගම සමගින් එක්ව SUPEME TV මෙෙතක් ලොව ඇති අති නවීනතම තාක්ෂණික භාවිතාෙවන් බලගැන්වූ ශ්‍රී ලංකාවේ නවතම අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT platform) SANDERIX (සැන්ඩ්බ්‍රික්ස්) ඉදිරියේදී බාධා, අවහිරතා රහිත රසාස්වාදයක වෙනස සොයන සෑම් ප්‍රේක්ෂක දෑසක්ම නැවුම් තාක්ෂණය ඔස්සේ විවිධ ශානරයන්ගෙන් පිරුණු නිර්මාණාත්මක රූ දසුන්වලින් සමස්ත ප්‍රේක්ෂකාගරය පුරවනු ඇති.
දේශීය විදේශීය ක්‍රීඩා තරගාවලීන් කිසිදු බාධාවකින් තොරව සජීවී සැණින් එසැණින් නරඹන්න උසස් තත්ත්වවේ රූ දසුන් සමඟින් ලොව සුපිරි චිත්‍රපට, ටෙලි නාට්‍ය, සංගීත වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන්, වාර්තාංග හා රූපවාහිනී වැඩසටහන් දැන් ඔබ සිටිනා ඕනෑම තැනකදී ඔබේ නෙත් මානයට ගෙන එන්නට සුප්‍රීම් ටීවි හඳුන්වා දෙන Sandbrix (සෑන්ඩ්බ්‍රික්ස්) හරහා අවස්ථාව සැලසේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට අතිශය ප්‍රථම වතාවට සුපිරි සජීවී අත්දැකීමක් නොමිලේ!
තවදුරටත් අමතර මුදල් ගෙවා ගෙන පැකේජ් සක්‍රීය කර ගෙන ඔබේ ප්‍රියතම ක්‍රීඩාව නරඹන්න ඔබේ මුදල් සූරා කන්න කිසිම කෙනෙකුට ඉඩක් නොතබා ඔබට නොමිලේම විශිෂ්ටතම රූප ප්‍රමිතිෙයන් කිසිදු තාක්ෂණික ගැටලුවකින් තොරව නිදහසේ ඔබේ ප්‍රියතම කණ්ඩායම, ප්‍රියතම ක්‍රීඩකයාගේ දස්කම් ඉන්නා තැනක සිට ඒකකාරී අධිවේගී සුපිරි තාක්ෂණික ඩිජිටල් අත්දැකීමක් ෙලසින් සජීවීව නරඹන්නට Sandbrix (සැන්ඩ්බ්‍රික්ස්) අවස්ථාව ගෙන දී ඇත.
එහි දොරට වැඩීම 100% නොමිලේම IPL 2025 නරඹන්න වරම් සහිතව….
මෙරට රූපවාහිනී හා ඩිජිටල් තාක්ෂණික මාධ්‍යකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් සුප්‍රීම් ටීවී නාලිකාව සිය අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT Platform) වන Sandbrix සමඟින් එළඹෙන IPL 2025 ක්‍රිකට් සැණකෙළිය නොමිලේම පන්දුවෙන් පන්දුවට රැස් කරන ලකුණින් ලකුණට පිටියේ ඇති උද්‍යෝගයම එළෙසින්ම ප්‍රේක්ෂකාගාරයට ගෙන එමින් මෙම ජනගත කරනු ඇත.