AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ සිසු දරුදැරියන් සවිබල ගන්වමින් සිය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනේ අභිමානවත් 30 වන වසරක කඩඉම පසුකරමින් සිටියි. 1994 දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගන්නා ලද සිසු දරුදැරියන් හට ප්‍රතිලාභ ලබා දෙමින් අධ්‍යාපනික විශිෂ්ටත්වය අඛණ්ඩව ඇගයීමට ලක් කරනු ලබන අතර, AIA ශිෂ්‍යත්ව වැඩපිළිවෙල යටතේ සිසුන් වෙත උසස් පෙළ ආරම්භයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන තෙක් මාස්පතා මෙම ප්‍රතිලාභය හිමි වේ. මෙම ශිෂ්‍යත්ව දිනාගැනීමට ශිෂ්‍යත්වලාභී දරුදැරියන්ගේ දෙමාපියන් AIA ඉන්ෂුවරන්ස් හි පාරිභෝගිකයින් වීම අවශ්‍ය නොවන අතර, ඒ සඳහා සුදුසුකම් ලැබීමට අධ්‍යාපන කටයුතුවලදී දරුවන් දක්වන දක්ෂතා පමණක් පදනම් වීමත් විශේෂ කරුණකි.
ශ්‍රී ලංකාව තුළ වැඩිම කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක සමාජ සත්කාරක වැඩසටහනක් වන AIA උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන, AIA හි සන්නාම ප්‍රතිඥාව වන ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ළඟාකර දීමට සහය වීම යන්නට සැබෑ අරුතක් එක්කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන්නා වූ වෘත්තිකයින් සහ නායකයින් විශාල පිරිසකට සිය අනාගත ගමන් මඟ විවර කරගැනීමට උපකාර වී ඇත. පසුගිය දශක 3 පුරාවට සිසු දරු දැරියන් 750ක් මෙම වැඩසටහන යටතේ AIA ශිෂ්‍යත්ව හිමිකරගෙන ඇත. ඒ අතරින් විශාල පිරිසක්
ඔවුන්ගේ අධ්‍යාපන සිහින මල්පල ගන්වාගෙන, වෛද්‍ය, නීති, ඉංජිනේරු සහ කළමනාකරණ වැනි විවිධ ක්ෂේත්‍ර තුළ වෘත්තීකයින් ලෙස දැනටත් නියැලෙමින් රටට මහඟු සේවයක් කරමින් සිටිති.
ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය, සංවර්ධනය වෙමින් පවතින රටක් සඳහා වන සාක්ෂරතා අනුපාතය අභිබවා යමින්, දකුණු ආසියාවේ ඉහළම මෙන්ම ආසියාවේද ඉහළම ස්ථානයකට පත්ව ඇත. 11 ශ්‍රේණිය දක්වා වූ ද්වීතීක පාසල් වෙත සිසුන්ගේ බඳවා ගැනීම් 99%ක ඉතා ආකර්ශනීය අගයක පවතියි. එහෙත් තෘතීයික අධ්‍යාපනය සඳහා වන බඳවා ගැනීම 21% දක්වා තියුණු ලෙස පහත වැටෙන අතර එය ගෝලීය සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයකි. මෙම විෂමතාවය විශාල වූ පරතරයක් ඉස්මතු කරයි. එමෙන්ම 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයට පෙර 2019 වසරේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව හෙළිදරව් වූ කරුණක් වූයේ ශ්‍රී ලාංකික පවුලක් රු.2,401/-ක් මුදලක් මාසිකව අධ්‍යාපනය සඳහා වියදම් කරන
අතර එය ඔවුන්ගේ මාසික වියදම්වලින් 5.9%ක අගයක් බවයි.