Home » Blue Orbit සහ Cosmic by Citrus වෙතින් සුඛෝපභෝගී අත්දැකීමක්!

Blue Orbit සහ Cosmic by Citrus වෙතින් සුඛෝපභෝගී අත්දැකීමක්!

by sachintha
March 28, 2025 4:32 pm 0 comment

ශ්‍රී ලාංකේය අනන්‍යතාව ලොවට රැගෙන ගිය කොළඹ නෙළුම් කුලුන මත සුඛෝපභෝගී අත්දැකීමක් ලබා ගැනීම සඳහා Blue Orbit සහ Cosmic by Citrus විසින් පාරිභෝගිකයින් වෙත ආරාධනා කරනු ලබයි. මෙහිදී දේශීය පාරිභෝගිකයින්ට, විදේශීය සංචාරකයින්ට සහ ආයතනික සමූහයන් යන සියලුම පාර්ශ්වවලට කොළඹ නගරයේ අපූර්ව දර්ශන නරඹමින් උසස්ම තත්ත්වයේ ආහාර වේලක් රසවිඳීම සඳහා අවකාශ හිමි වේ.

ශ්‍රී ලංකාවේ එකම කැරකෙන අවන්හල වන Blue Orbit by Citrus හිදී අමුත්තන් හට අංශක 360 ක මනරම් දර්ශනයක සිරි නරඹමින් අද්විතීය භෝජන සංග්‍රහයක් අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත. පාරිභෝගිකයින් හට මෙහි ඇති ආපණශාලාව තුළින් ඉතාලි, ජපන්, චීන, මැද පෙර දිග, ඉන්දියානු, ශ්‍රී ලාංකික සහ බටහිර ආහාර පානවලින් සහ සහ දරුවන් සඳහා ම වෙන් වූ පැණිරස අංශයකින් සමන්විත ප්‍රණීත ආහාර වර්ග 300කට අධික සංඛ්‍යාවකින් සංග්‍රහ කෙරෙනු ඇත.

විශේෂ උත්සව සැලසුම් කරන අය සඳහා මෙහි 225ක ආසන ධාරිතාවක් සහිත නිසා අවශ්‍ය සියලුම ආකාරයේ උත්සව උසස්ම ආකාරයෙන් සංවිධානය කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ. මීට අමතරව, ප.ව. 6.00 සිට රාමසාන් සමය වෙනුවෙන්ම සැකසුණු විශේෂ ඉෆ්තාර් භෝජන සංග්‍රහයක් සහ සවස 6.30 සිට සාමාන්‍ය රාත්‍රී ආහාරවලින් සමන්විත බුෆේ එකක් දිනපතා පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති අවන්හල වන Cosmic by Citrus තුළ පාරිභෝගිකයින් හට තම ආයතනික උත්සව හෝ මංගල උත්සව වැනි සුවිශේෂී උත්සව සංවිධානය කිරීමට සියලු පහසුකම් සපයා තිබේ. ආසන 280ක ධාරිතාවකින් සහ කොළඹ අහසේ අංශක 360 ක දර්ශනය නිසා මෙහි පැමිණෙන අමුත්තන් හට පහසු සහ අමතක නොවන අත්දැකීමක් විඳගැනීමට මෙහිදී අවස්ථාව හිමි වනු ඇත.

මෙම ස්ථානය උසස්ම උත්සව අවස්ථා වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ එකක් වන අතර, මෙහි සේවය සැපයීම සඳහා උසස්ම තත්ත්වයේ සූපවේදී කණ්ඩායමක් ද සූදානමින් සිටිති. ආයතනික පාරිභෝගිකයින් හට තම උත්සව වඩාත් හොඳින් සංවිධානය කර ගැනීම සඳහා පරිශ්‍රයේ ඇති අමතර පහසුකම් නොමිලේම භාවිත කළ හැකිය. මීට අමතරව Cosmic විසින් ද සුවිශේෂි ඉෆ්‍තාර් අත්දැකීමක් සංවිධානය කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT