Home » NDB බැංකුව “Remittance Festival Rewards” ආරම්භ කරයි

NDB බැංකුව “Remittance Festival Rewards” ආරම්භ කරයි

by sachintha
March 28, 2025 4:00 pm 0 comment

එළඹෙන උත්සව සමය තුළ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍යය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මඟින්, NDB බැංකු ශාඛා හරහා සිය Western Union මුදල් ගනුදෙනු කිරීම් සිදු කරන සියලූම ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා ත්‍යාග දිනා ගැනීමේ මහඟු අවස්ථාවද හිමිකර ගත හැකිය.

2025 අපේ‍ල් මස 13 වන දින දක්වා ක්‍රියාත්මක මෙම ප්‍රචාරක වැඩසටහන සිය මුදල් ගනුදෙනු සඳහා NDB බැංකුව තෝරාගන්නා ගනුදෙනුකරුවන්ට ත්‍යාග ලබා ගැනීමට විවිධ අවස්ථාවන් උදා කරලමින් සෑම සතියකටම වාසනාවන්ත ජයග්‍රාහකයින් තුන් දෙනෙකු තෝරාපත් කරගනු ලැබේ. මේ එළඹෙන්නේ බෙදා හදා ගැනීම සහ සතුට සෞභාග්‍ය සමරන උත්සව සමයයි. මේ කාලසීමාව තුළ විදේශයන්හි වෙහෙස මහන්සි වී සේවා සපයමින් උපයන විදේශ විනිමය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී NDB බැංකුව හරහා එම මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන් සඳහා මෙම ත්‍යාග දිනා ගැනීමේ හැකියාව ඇත.

NDB බැංකුව, Western Union සමඟ එක්ව සිය බැංකු ශාඛා ජාලය සහ ඩිජිටල් බැංකුකරණ විසඳුම් හරහා මුදල් ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් පහසු හා ආරක්ෂාකාරී මුදල් ගනුදෙනු ක්‍රියාවලියක් සහතික කරයි. මුදල් ගනුදෙනු සඳහා NDB බැංකුව තෝරාගැනීමෙන් ගනුදෙනුකරුවන්ට වේගවත් සහ විශ්වාසනීය සේවාවක් ලබා ගැනීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ නිල මූල්‍ය ක්‍රමවේදයන් ශක්තිමත් කිරීමට ද දායක වේ.

මෙම ප්‍රචාරණ වැඩසටහනේ වැදගත්කම අවධාරණය කරමින්, NDB බැංකුවේ පෞද්ගලික බැංකුකරණ අංශයේ උප සභාපති සියාන් හමීඞ් මහතා ප්‍රකාශ කර සිටියේ, “ඉදිරියට පැමිණෙන උත්සව සමය පරිත්‍යාග කිරීමේ කාලයක් වන අතර, “Remittance Festival Rewards” තුළින් අපගේ වටිනා ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ගනුදෙනු සඳහා අප පිළිබඳ තැබූ විශ්වාසය අගය කිරීම සහ ඒ වෙනුවෙන් ප්‍රතිලාභ පිරිනැමීම අපගේ අරමුණයි. මූල්‍ය විසඳුම් පමණක් නොව උත්සව සමය වඩාත් සතුටුදායක අයුරින් සැමරීමට අර්ථවත් ත්‍යාග පිරිනැමීම පිළිබඳ අපි ආඩම්බර වෙමු” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT