Home » ජනපති අනුර හෙට ජනරැලි තුනක

ජනපති අනුර හෙට ජනරැලි තුනක

by yasara
March 28, 2025 8:41 pm 0 comment

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්කර ගත් ජනපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජනරැලි තුනක් හෙට (29) දකුණු පළාතේ දී පැවැත්වීමට නියමිතය.

මේ අනුව හෙට සවස 2.00 කට බෙලිඅත්තේ ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ දී  පළමු රැලිය පැවැත්වෙයි. දෙවන රැලිය සවස 3.00 ට මිද්දෙණිය නගරයේ දී පැවැත්වෙයි.

ජනපති සහභාගී වන තුන් වන රැලිය සවස 4.30 ට තිස්සමහාරාම නගරයේ දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT