Home » බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් – 50 කට තුවාල

බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් – 50 කට තුවාල

by yasara
March 28, 2025 4:35 pm 0 comment

මියන්මාරය බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු බැංකොක් අගනුවර ඉදිකෙරෙමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙයි.

මේ අතර ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු පුද්ගලයින් 43 දෙනෙකු ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවද තොරතුරු වාර්තා වෙයි.

මේ වනවිට තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය.

භූ කම්පනයෙන් පෞරාණික ආගමික ස්ථාන රැසකට ද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාරයේ සගායින් නගරයට කිලෝමීටර් 16ක් පමණ දුරින් කිලෝමීටර් 10ක් පමණ පොළව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන ඇති බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරයි.

එහි ප්‍රබලත්වය තායිලන්තය හා ගිනිකොණදිග චීනයට පවා දැනී ඇති බවයි වාර්තා වෙයි.

මියන්මාරයේ නේපිඩාව් අගනුවර මාර්ග රැසක පැලීම් ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පනයෙන් අනතුරුව බැංකොක් ජනතාව නිවාසවලින් ඉවතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරමින් සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT