Home » අලුත් අවුරුද්දට හා ශ්‍රි පාද වන්දනාව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්දට හා ශ්‍රි පාද වන්දනාව වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවයක්

by yasara
March 28, 2025 10:23 am 0 comment

train

සිංහල දෙමළ අලුත් අවුරුද්ද හා ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (28) සිට  ක්‍රියාත්මකයි.

කොලඹ කොටුවේ සිට බදුල්ල – අනුරාධපුරය හා ත්‍රිකුණාමලය දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් නිවාඩුව ද සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.

ඒ අනුව අද (28) සහ ලබන 31 වනදා රාත්‍රී 07ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් එම දින දෙකෙහි පස්වරු 05.20ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රියන් ධාවනයට එක් කෙරෙයි.

හෙට (29) අනිද්දා (30) සහ ලබන 31 වනදා පෙරවරු 06.35 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් එම දින තුනෙහි සවස 05.20ට අනුරාධපුරයේ  සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමටයි සැලසුම් කර ඇත.

හෙට (29) සිට ලබන 31 වනදා දක්වා පෙරවරු 05.15ට කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වාත් එම දින තුනෙහි පස්වරු 1ට ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙයි.

මෙම දුම්රියවල පළමු,  දෙවන,  තුන්වන පන්ති සඳහා ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් ද සලසා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT