සිංහල දෙමළ අලුත් අවුරුද්ද හා ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (28) සිට ක්‍රියාත්මකයි.
කොලඹ කොටුවේ සිට බදුල්ල – අනුරාධපුරය හා ත්‍රිකුණාමලය දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් නිවාඩුව ද සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.
ඒ අනුව අද (28) සහ ලබන 31 වනදා රාත්‍රී 07ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් එම දින දෙකෙහි පස්වරු 05.20ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රියන් ධාවනයට එක් කෙරෙයි.
හෙට (29) අනිද්දා (30) සහ ලබන 31 වනදා පෙරවරු 06.35 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත් එම දින තුනෙහි සවස 05.20ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමටයි සැලසුම් කර ඇත.
හෙට (29) සිට ලබන 31 වනදා දක්වා පෙරවරු 05.15ට කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වාත් එම දින තුනෙහි පස්වරු 1ට ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය ධාවනය කෙරෙයි.
මෙම දුම්රියවල පළමු, දෙවන, තුන්වන පන්ති සඳහා ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් ද සලසා ඇත.