Home » ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීන් අනතුරක් – 06 දෙනෙක් මරුට

ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීන් අනතුරක් – 06 දෙනෙක් මරුට

by yasara
March 28, 2025 9:46 am 0 comment

ඊජිප්තු රතු මුහුදේ සංචාරකයන් රැගත් සබ්මැරීනයක් අනතුරකට ලක්වී තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුරෙන් පුද්ගලයන් 06දෙනෙක් මියගොස් ඇති බවයි.

එහි සිටි පුද්ගලයන් 44දෙනෙක් බේරා ගෙන ඇති අතර මිය ගිය සියලුදෙනා රුසියානු ජාතිකයන් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩලය හා සංචාරකයන් 50දෙනෙක් සබ්මැරීනය තුළ සිට ඇති බවයි වාර්තා වෙයි.

මෙම අනතුර ඊජිප්තුවේ හර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ ඔබ්බෙන් වූ මුහුදේදී සිදු වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT