117
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
උතුරු – කලුතර දුම්රිය ස්ථානයේ හටගෙන ඇති සංඥා දෝෂයක් ඊට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් මාතර දෙසට යන දුම්රියවල ප්‍රමාදයක් පවතින බව වාර්තා වෙයි.
එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කණ්ඩායම් යොමු කර තිබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.