ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන දිවයිනේ ප්‍රධාන බෞද්ධ විදුහල් ද්විත්වයක් වන පන්නිපිටිය ධර්මපාල සහ මාතර රාහුල විදුහල් අතර 14 වැනි ‘රන් සිංහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට (28) සහ අනිද්දා (29) කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ධර්මපාල විදුහල් පිල නෙත්මිණ නිර්මාල් විසින් මෙහෙයවන අතර, රාහුල විදුහල් පිල සදෙව් ගමගේ විසින් මෙහෙයවයි.
2012 වසරේදී ඇරඹුණු මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේදී 2015 වසරේ පැවැති තරගය ජයග්‍රහණය කරමින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය මේ වන විට තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගෙන සිටින අතර, ඔවුන් මෙවර තරගයේ සත්කාරකත්වය දරයි. මේ තරගයට සමගාමීව සංවිධාන කරන දෙවිදුහල් අතර එක්දින ක්‍රිකට් තරගය මේ ඉරිදා (30) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ඉෂානි යද්දෙහි