Home » මලියදේව-සාන්ත ආනා ඇතුගල්පුර සටන හෙට-අනිද්දා

මලියදේව-සාන්ත ආනා ඇතුගල්පුර සටන හෙට-අනිද්දා

by sachintha
March 27, 2025 4:37 pm 0 comment

වයඹ පළාතේ පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානම සුහද ක්‍රිකට් තරගය ලෙස හැඳින්වෙන කුරුණෑගල මලියදේව සහ සාන්ත ආනා දෙවිදුහල් අතර ‘ඇතුගල්පුර සටන’ 41 වැනි මහ ක්‍රිකට් තරගය හෙට (28) සහ අනිද්දා (29) දෙදින කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරගයේදී මලියදේව කණ්ඩායම චන්දූප අබේසිංහගේ නායකත්වයෙන් සහ සාන්ත ආනා කණ්ඩායම බුද්ධිම සහන් නන්දසිරිගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙති. දෙවිදුහල් අතර 1959 වසරේදී ආරම්භ වූ මේ තරගය 1965 සිට 1979 කාලය දක්වා පවත්වා නැත. නැවත 1980 වසරේ සිට මේ වාර්ෂික ක්‍රිකට් තරගය ආරම්භ විය. ඇතුගල්පුර සටන මලියදේව විදුහල 6 වරක් ජය ගෙන ඇති අතර, සාන්ත ආනා විදුහල තවමත් ජයග්‍රහණ වාර්තා කර නැත. අවසන් වරට 2022 වසරේදී මතිෂ‍ වීරසිංහගේ නායකත්වයෙන් මලියදේවය ජය ගනු ලැබීය. දෙවිදුහල් අතර ක්‍රීඩකයකු විසින් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන නොදැවී ලකුණු 156ක වාර්තාව මලියදේව විදුහලේ සුදර්ශන ගුරුගේ විසින් 1980 වසරේදී තැබූ අතර, මෙය තවමත් නොබිඳුණු වාර්තාවකි. මෙහි හොඳම පන්දු යැවීම මලියදේවයේ විමල් සතුරුසිංහ 1960දී ලකුණු 12කට කඩුලු 7ක්, සාන්ත ආනාවේ ශානක සිල්වා 2009දී ලකුණු 48කට කඩුලු 6ක් ලෙස සටහන් කර තිබේ.

කුරුණෑගල අතිරේක

පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT