Home » සාන්තුවරයන්ගේ සටන පළමු වරට තෙදිනක්

සාන්තුවරයන්ගේ සටන පළමු වරට තෙදිනක්

by sachintha
March 27, 2025 4:35 pm 0 comment

ඩයලොග් ආසිආටා පීඑල්සීහි උප සභාපති (සන්නාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක මහතා විසින් සාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති රංජිත් අන්ද්‍රාදි සහ සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති රෝහිත රුද්‍රිගු පියතුමාන්ලා වෙත අනුග්‍රාහකත්වය පිරිනැමූ අයුරු.

කොළඹ කීර්තිමත් කතෝලික පාසල් දෙකක් වන සාන්ත ජෝසප් විදුහල සහ සාන්ත පීතර විදුහල අතර 91 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් ගැටුම ලබන මස 03 වැනිදා එස්එස්සී පිටියේදී ආරම්භ වේ.

මේ තරග ඉතිහාසයේ පළමු වරට තෙදිනක් තරගයක් ලෙස මෙවර තරගය පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී මෙවරත් මේ සටන බලගැන්වීමට අනුග්‍රාහකත්වය ලබාදී තිබේ.

මෙවර සාන්ත ජෝසප් විද්‍යාලයේ නායකත්වය කෙනත් ලියනගේ විසින් දරනු ලබන අතර, පීතර කණ්ඩායම ඔවීන් සල්ගාදුගේ නායකත්වයෙන් පිටියට පිවිසෙයි.

මේ තරග අවස්ථා 12ක් ජයගනිමින් වැඩි ගෞරව අත්කර ගැනීමට සාන්ත ජෝසප් විදුහල සමත්ව ඇති අතර, සාන්ත පීතර විදුහල ජයග්‍රහණ 10ක් වාර්තා කර තිබේ.

මේ පාසල් ද්විත්වයම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් තරු රැසක් බිහිකිරීමේ කීර්තිය උසුලයි. දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, දුනිත් වෙල්ලාලගේ, ෂෙවෝන් ඩැනියෙල්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන් ඩෝට්, රොෂේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා සහ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජෝසප් ක්‍රීඩකයන් වන අතර, රෝයි ඩයස්, රූමේෂ් රත්නායක, ශ්‍රී විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආනල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා, ජනිත් ලියනගේ සහ දුෂාන් හේමන්ත එම අවස්ථාව ලැබූ සාන්ත පීතර ක්‍රීඩකයෝ වෙති.

“Big Match Season, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උරුමයේ ලකුණක් වන අතර, අපගේ රට නියෝජනය කරනු ලබන අනාගත ශූරයන්ගේ වැඩීම වෙනුවෙන් උපකාරී වන ලෙසින් මේ සුවිශේෂී ක්‍රිකට් සටන වෙනුවෙන් අපගේ සහයෝගය අඛණ්ඩව පිරිනැමීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටට පත්වනවා” යැයි මේ තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූ ඩයලොග් ආසිආටා පීඑල්සීහි උප සභාපති- මාධ්‍ය හා සන්නාම, හර්ෂ සමරනායක මහතා පැවසීය.

මේ තරගයට සමගාමීව සංවිධාන කරන ‘පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලාන’ 51 වැනි එක්දින තරගය අප්‍රේල් 26 වැනිදා එස්එස්සී ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT