Home » ගැබා පිටිය කඩා දමයි

ගැබා පිටිය කඩා දමයි

by sachintha
March 27, 2025 4:34 pm 0 comment

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ඓතිහාසික ගැබා ක්‍රිකට් ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

2032 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙන් පසු මේ ක්‍රීඩාංගණය ඉවත් කරන අතර, ඒ වෙනුවෙට බ්‍රිස්බේන්හි වික්ටෝරියා පාර්ක් ප්‍රදේශයේ ආසන 60,000කින් සමන්විත නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ක්‍රීඩාංගණය 2032 ඔලිම්පික් උලෙළ ඉලක්ක කර ඉදි කෙරෙන අතර, ඔලිම්පික් උලෙළෙන් පසු නව ක්‍රීඩාංගණය ක්‍රිකට් තරග සඳහා භාවිත කරනු ඇත. එහිදී ඔලිම්පික් සමාරම්භක සහ සමාප්ති උත්සව සමඟ මලල ක්‍රීඩා තරග ද පැවැත්වීමට නියමිතය.

2028 ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ක්‍රිකට් ඉසව්ව ඇතුළත් වන අතර, 2032දීත් එම ඉසව්ව පැවතිය හොත් ගැබා පිටිය ඒ සඳහා යොදා ගැනෙනු ඇත. 1895 වසරේ 37,000ක ප්‍රේක්ෂක ධාරිතාවකින් යුතුව ඉදිකළ ගැබා ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරග 67ක් පවත්වා තිබේ.

ඉදි කිරීමට නියමිත නව ක්‍රීඩාංගණය සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 3.8ක ඇස්තමේන්තුවක් සකස් කර තිබේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 712කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT