Home » නෙත්මි-නිපුනි අද ආසියානු තරග බිමට

නෙත්මි-නිපුනි අද ආසියානු තරග බිමට

by sachintha
March 27, 2025 4:26 pm 0 comment

නෙත්මි අහිංසා සහ නිපුනි වාසනා අද (27) ජෝර්දානයේ අම්මාන්හිදී පැවැත්වෙන ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී තරග බිමට පිවිසීමට නියමිතය.

ලෝක මල්ලවපොර ශූරතාවලියේ අවුරුදු 20න් පහළ ලෝකඩ පදක්කම සමඟ ජාත්‍යන්තර පදක්කම් රැසක් දිනා ඇති නෙත්මි කිලෝග්‍රෑම් 57 බර පන්තියෙන් තරග බිමට පිවිසෙන අතර, සුදුසුකම් ලැබීමේ මේ තරගයේදී ඇයගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වන්නේ දකුණු කොරියාවේ යංජික් ක්වොන්ය. නෙත්මි මේ තරගාවලියට පෙර අමෙරිකාවේදී මල්ලවපොර විශේෂඥයකු යටතේ විශේෂ පුහුණුවකට ද එක් වූවාය.

19 හැවිරිදි නිපුනි තරග බිමට පිවිසෙන්නේ කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් වන අතර, ඇය පිලිපීනයේ ජියා පින්ගෝට්ට එරෙහිව තරග වැදීමට නියමිතය.

නිපුනි පසුගිය වසරේ ජාත්‍යන්තර තරගාවලීන් 5ක් නියෝජනය කරමින් අත්දැකීම් ලබා තිබේ. ඊට ආසියානු ජ්‍යෙෂ්ඨ, අවුරුදු 20න් සහ 15න් පහළ ශූරතා මෙන්ම අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවලිය සහ ලෝක සුදුසුකම් ලැබීමේ තරගාවලිය ද ඇතුළත්ය.

මේ අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට එම්.ජී. චතුරංග, සී.ඩී. ප්‍රනාන්දු, එම්.එල්. විජේසූරිය, එන්.ඩබ්ලිව්. ධර්මසේන සහ එන්.ඒ. ප්‍රනාන්දු ඇතුළත්ව සිටිති.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT