ශ්‍රී ලංකා බුද්ධි ඌනතා වූවන්ගේ ගුරු දෙගුරු සංවිධානයේ කළුතර ශාඛාව මඟින් සංවිධානය කරන ලද ‘නාද රූ රංගනා – 2025’ සෙමෙන් මනස වැඩෙන දරුවන්ගේ ප්‍රසංගය කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශානිත ත්‍රිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කොළඹ – කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වස්කඩුවේ ධම්මාරාම හිමි, කළුතර කලමුල්ල, මාක් ශ්‍රී සරණ සේවා ආයතනයේ අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂ්මන් පෙරේරා පියතුමා, කළුතර ප්‍රාදේශීය ලේකම් සාරංගී ධීරරත්න, සහකාර ප්‍රාදේශීය ලේකම්, චතුරිකා ගජනායක, ශ්‍රී ලංකා බුද්ධි ඌනතා වූවන්ගේ ගුරු දෙගුරු සංවිධානයේ සභාපති පද්මසිරි පෙරේරා, ලේකම් හිරන්ති ප්‍රදිනන්දිස් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී සෙමෙන් මනස වැඩෙන දරුවන් ඉදිරිපත් කළ රැඟුම්වලින් එම උලෙළ වර්ණවත් වූ ආකාරයත් එම අවස්ථාවට සහභාගි වූ පිරිසත් ඡායාරූපවලින් දැක්වේ.
කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි
කළුතර මධ්‍යම විශේෂ