Home » හොරෙන් ගෙනා ලක්ෂ 34ක සිගරැට් සමඟ අයෙක් මාට්ටු

හොරෙන් ගෙනා ලක්ෂ 34ක සිගරැට් සමඟ අයෙක් මාට්ටු

by sachintha
March 27, 2025 4:57 pm 0 comment

රුපියල් තිස් හතර ලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියකු ඊයේ (26) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඇතිළිවැව, වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් සඳහා ගොස් තිබූ අතර එය ව්‍යර්ථ වූ පසු මෙම දුම්වැටි තොගය ද රැගෙන ආපසු පැමිණි බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මොහු ඊයේ (26) අලුයම 03.45ට සාජා නුවර සිට එයාර් ඇරෙබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මලු දෙක තුළ, විදේශීය නිෂ්පාදිත Òප්ලැටිනම්’ වර්ගයේ දුම්වැටි 23,200ක් අඩංගු දුම්වැටි කාටූන් 116 ක් සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT