Home » අංගොඩ මානසික වෛද්‍ය පරිශ්‍රයේ කාන්තා රෝහලට යන මඟ ප්‍රතිසංස්කරණය කර දෙන්න

අංගොඩ මානසික වෛද්‍ය පරිශ්‍රයේ කාන්තා රෝහලට යන මඟ ප්‍රතිසංස්කරණය කර දෙන්න

by sachintha
March 27, 2025 7:55 am 0 comment

අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනයට අනුබද්ධිත යුනිට් -2 කාන්තා රෝගී අංශයට පිවිසුම් මාර්ගයක් ලෙස ප්‍රයෝජනයට ගන්නා මෙම මාර්ගය එම රෝහලේ රෝගීන් බැලීමට දුරබැහැර සිට එන පිරිසට යාහැකි පහසුම ගමන් මාර්ගය වුවද එය වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණය කිරීමකට ලක් නොවීම නිසා එම මාර්ගයේ පයින් තබා මුදල් ගෙවා ත්‍රිරෝද රථයකින්වත් ගමන් කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව රෝගීන්ගේ ඥාතිහු පවසති.

මෙය එම රෝහලේ රාත්‍රී සේවයේ යෙදෙන වෛද්‍යවරියන්ට මෙන්ම එහි සේවිකාවන් වන තමන්ගේ ආරක්ෂාවටද තර්ජනයක්ව පවතින බවද මීටර් 10ක් පමණ දුරක් ඇති මෙම මාර්ගය පිළිසකර කරදීම බලධාරීන් සතු වගකීමක් බව ද මෙම පිරිස පවසති.

කොළොන්නාව සමූහ ඒ. සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT