බේරුවල ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශයේ මෙතෙක් වගා නොකළ පුරන් කුඹුරු ඇතුළු ඉඩම් කැබැලි 1021ක්, ‘එක මිටට ගොවි බිමට’ ව්‍යාපෘතියෙන් පසු හඳුනා ගැනීමට හැකි වූ බවත් එම ගොවි බිම් මුඩු කුඹුරු සහ පහතරට එළවළු වගාව සිදු කළ භූමියන් බව පාදාගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරී නදීෂානි ද සිල්වා මහත්මිය පවසයි.
මෙහි ගොවි පවුල් 1271ක් ඇති බවත් බලප්රදේශීය ග්රාමධාරී වසම් 45ක කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ නිලධාරි වසම් 23 අතරින් මෙලෙස හඳුනාගත් භූමි භාගයන් ගල්හේන, වලතර, බදනගොඩ, කාලවිල කන්ද, මාලෙවන, පාදාගොඩ, පින්හේන, කාලවිල, වරාපිටිය, කොටපිටිය, දන්වත්තගොඩ, මාලෙවන් බද්ද, අඹේපිටිය ඉන් කිහිපයකි. මේ සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයන් පවසා සිටියේ, අතහැර දමා ඇති වගාබිම් නැවත වගා කරන්නට රජය අවශ්‍ය පහසුකම් දෙන්නේ නම් ඒ පිළිබඳ ගොවීන් තවදුරටත් උනන්දු වනු ඇති බවයි.
අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා