Home » පාදුක්කේ වීදි පහන් අක්‍රීයයි

පාදුක්කේ වීදි පහන් අක්‍රීයයි

by sachintha
March 27, 2025 4:49 pm 0 comment

පාදුක්ක නගරය සංවර්ධනයත් සමඟම, නගරයේ සවිකර ඇති වීථි පහන් කණු රැසක් සතියක පමණ කාලයක සිට අක්‍රියවී තිබීම නිසා, රාත්‍රී කාලයේ නගරයේ දැඩි අඳුරක් සහ අනාරක්ෂිත තත්ත්වයක් මතුවී ඇතැයි වෙළෙඳ ප්‍රජාව පවසති.

පාදුක්ක ප්‍රාදේශීය රෝහල අසල සිට සීතාවක ප්‍රාදේශීය කාර්යාලයේ උප කාර්යාලය දක්වා වීථි පහන් 25කට වැඩි ප්‍රමාණයක් මෙලෙස අක්‍රිය වී ඇතැයි ඔවුහු පවසති.

රාත්‍රී 10.00 වන තෙක් නගරයේ විවෘතව ඇති වෙළෙඳ සල්වලින් මාර්ගයට ආලෝකය ලැබුණත්, වෙළෙඳ සල් වසා දැමීමෙන් පසු නගරයත්, සතිපොළ අවට ප්‍රදේශය සහ රෝහල අසලත් මේ නිසා ගන අන්ධකාරයේ පවතින බව ඔවුහු පවසති.

මීට මාස 6කට පමණ ඉහතදී මෙලෙස මාර්ගයේ ස්ථාන කිහිපයක වීථි පහන් අක්‍රියවී තිබීමත් සමඟම, අනතුරු කිහිපයක් සිදු වී මිනිස් ජීවිතයක් පවා අහිමිවූ අවස්ථාවක, නගරයේත්, ජනතාවගේත්, ආරක්ෂාවත් පතා මෙලෙස අක්‍රියවී ඇති වීථි පහන් යථා තත්ත්වයට පත්කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට වග කිව යුතු අංශවල අවධානය යොමු විය යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT