බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය අසල කේරළ ගංජා ජාවාරමේ යෙදී සිටි පෞද්ගලික බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බූස්ස බන්ධනාගාර පාරේ පදිංචි 35 හැවිරිදි පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකි.
සැකකරු ගංජා සන්තකයේ තබාගෙන ජාවාරම්කරන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් උපාය දූතයකු යොදවා ගංජා මිලට ගෙන තිබේ. එහිදී සැකකරු උපාය දූතයාට ගංජා ග්‍රෑම් පහක් රුපියල් 3000කට අලෙවි කර ඇත.
පසුව සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ සැකකරු මෙසේ කේරළ ගංජා ගෙනැවිත් ජාවාරම් කරන බවය.
සැකකරු ඊයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ