Home » නකල්ස් සංචාරක කලාපය පිරිසුදු කිරීම රත්තොට ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන්

නකල්ස් සංචාරක කලාපය පිරිසුදු කිරීම රත්තොට ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන්

by sachintha
March 27, 2025 4:17 pm 0 comment

සංචාරකයන් විසින් නකල්ස් පාරිසරික සංචාරක කලාපවලට නොදිරන කසළ බැහැර කිරීම නිසා බඹරකිරිඇල්ල දිය ඇල්ල, රිවෙස්ටන් කඳුමුදුන හා පිටවල පතන්බිම් ආශ්‍රිතව දූෂණය වී ඇති පරිසරය පිරිසුදු කිරීමට රත්තොට ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙවැනි කසළ බැහැර කිරීම නිසා නකල්ස් පරිසර සංවේදී කලාපය ආශ්‍රිතව සංචාරකයන් දක්වන ආකර්ෂණය වැඩි කිරීමට හා පාරිසරික කලාපවල සිදුවන පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා බැහැර කර ඇති පොලිතීන් සහ ප්ලාස්ටික් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් රත්තොට කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීම රත්තොට ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.ඒ.දිසානායක මහත්මියගේ සහ රත්තොට ග්‍රාම සංවර්ධන නිලධාරි තනූජා පීරිස් මහත්මියගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එහි සමාරම්භක ශ්‍රමදාන කඳවුර, බඹරකිරිඇල්ල දිය ඇල්ල ආශ්‍රිතව සිදුකිරීම සිදුවිය. රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්තොට ප්‍රාදේශීය සභාව, රත්තොට පොලීසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සහ බඹරකිරිඇල්ල ප්‍රජා පොලිස් කමිටුව සහ රත්තොට ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බලමණ්ඩලයේ සභාපති හේවා පී. කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT