Home » දෙහිවල සත්තු වත්තට අලුත් යාලුවෙක් එකතු වෙයි

දෙහිවල සත්තු වත්තට අලුත් යාලුවෙක් එකතු වෙයි

by yasara
March 27, 2025 3:36 pm 0 comment

ජාතික සත්ත්ව හුවමාරු වැඩ සටහන් යටතේ පසුගිය පෙබරවාරි මස 10 වනදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ” කැපිටල් සත්වෝද්‍යානයෙන්   දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ මියර් කැටි ජෝඩු හයක් මාසයකට අධික කාලයක් සත්වෝද්‍යානයතුල පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය මත නිරෝධායනය කරනු ලැබ ඊයේ ( 26) දින මහජන ප්‍රදර්ශනයට යොමුකර ඇතැයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශූ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා පැවැසීය .

මෙම සත්ත්ව ජෝඩු හය මේ වනවිට වයස අවුරුදු 2 ත් 6 ත් අතර පසුවනු ලබන අතර, උපරීම වශයෙන් වසර 15 ක කාලයක් ජීවත්වන බව විශ්වාස කෙරේ.

මොවුන් ලෝකයේ වැඩි වශයෙන් අප්‍රිකාව හවාන තණබිම් හා කදු ආශ්‍රිත කැලෑබද වාසය කරනු ලබන සත්ව විශේෂයක්ද වන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මෙනවිය පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT