Home » විදෙස් ප්‍රේෂණ 16.3%කින් ඉහළට

විදෙස් ප්‍රේෂණ 16.3%කින් ඉහළට

by sachintha
March 27, 2025 4:00 pm 0 comment

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මඟින් මෙරටට සිදු කරන ප්‍රේෂණ ප්‍රමාණය සියයට 16.3කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

ඒ අනුව බැංකු පද්ධතිය හරහා යොමු කරන විදේශ ප්‍රේෂණ ප්‍රමාණයේ ද ඉහළ යෑමක් පෙන්නුම් කරන බව එම කාර්යාංශය කියයි. 2025 පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සියයට 16.3කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව පෙබරවාරි මාසයට අදාළව විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 548.1ක් බව පෙන්වා දෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශය 2024 වසරේ මුල් මාස දෙක තුළ ලද ප්‍රේෂණ වටිනාකම් වූ ඩොලර් මිලියන 963.7 හා සැසඳීමේදී එය සියයට 16.3ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව මඟින් පෙන්වාදෙන බව කියා සිටී.

මහ බැංකු සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 පළමු මාස දෙක තුළ ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,121ක් වේ.

2024 වර්ෂයේදී විගමනික ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකන් ඩොලර් බිලියන 6.6ක් වූ අතර මේ වර්ෂයේදී විගමනික ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකන් ඩොලර් බිලියන 7 දක්වා වර්ධනය වනු ඇතැයි ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුරෝකථනය කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT