Home » යෝෂිතගේ සගයෝ 4ක් අත්අඩංගුවට
කොළඹ සමාජ ශාලාවේ ගැටුම:

යෝෂිතගේ සගයෝ 4ක් අත්අඩංගුවට

by sachintha
March 27, 2025 4:11 pm 0 comment

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සමඟ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට පැමිණ එහි ආරක්ෂකයන් සමඟ ගැටුමකට මැදිවූ සැකකරුවන් සිව්දෙනා ඊයේ (26) කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ භාර වී තිබේ.

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළේ ඔවුන් හතර දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් සහ ඔහුගේ බිරියගෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය පෙරේදා (25) ප්‍රකාශ ද සටහන් කර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT