Home » නුවරඑළිය තැපැල් කාර්යාලය සංවර්ධනය කරනවා

නුවරඑළිය තැපැල් කාර්යාලය සංවර්ධනය කරනවා

-ඇමැති නලින්ද ජයතිස්ස

by sachintha
March 27, 2025 4:11 pm 0 comment

තැපැල් සේවා පවත්වාගෙන යමින් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට නුවරඑළිය තැපැල් කාර්යාලය සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුවලින් ඉවත් කර විකිණීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මින් පෙර සැලසුම් කර තිබුණු බව ඇමැතිවරයා කියා සිටියේය.

මේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බවත් අදාළ නිසි ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සංචාරක මණ්ඩලයේ ද තාක්ෂණික සහාය ලබා ගනිමින් ඉදිරියේදී කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බව අධිකරණයට දැනුම් දීම සිදු කරන බවත් ඒ මහතා කීවේය. මෙම ක්‍රියාවලිය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ මෙන්ම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද පූර්ණ සහයෝගය ලබා ගැනීමට ද රජය බලාපොරොත්තු වන බව ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. සංචාරක ආකර්ෂණය දිනාගත හැකි තැපැල් කාර්යාල රට පුරා තිබෙන බව ද ඒ මහතා පැවසීය.

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT