Home » ඖෂධවලට උපරිම සිල්ලර මිලක්

ඖෂධවලට උපරිම සිල්ලර මිලක්

by sachintha
March 27, 2025 4:03 pm 0 comment

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිල යන්ත්‍රණ නියාමනයට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නියමයෙන් පෙරේදා (25) නිකුත් කෙරිණි. රක්ෂණය, ප්‍රවාහන වියදම්, සැපයුම් දාමයේ වියදම් ප්‍රතිශතය, තීරුබදු සහ සෙසු බදු එකතු කිරීමෙන් පසුව මෙම ගැසට් නිවේදනයට අනුව ඖෂධයක උපරිම මිල තීරණය කරයි.

මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතය මත ගෙවුණු මාස තුනක කාලයේදී බලධාරීන් නිකුත් කරන අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අනුපාතිකයේ සාමාන්‍ය අගය ද සලකා මෙම නියාමනය සිදු කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියම කිරීමේ කමිටුව සමඟ සාකච්ඡා කර, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය පනතේ විධිවිධාන යටතේ ස්ථාපිත පාරිභෝගික කටයුතු අධිකාරිය සහ සියලු පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනතේ විධිවිධාන ඇතුළුව අනෙකුත් සියලු අදාළ සාධක සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT