බස්නාහිර පළාත් සභා බල ප්‍රදේශය කැළි කසළවලින් තොර පෙදෙසක් බවට පත්කිරීම සිය අරමුණ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පැවැසීය.
ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුවේ ඊයේ (26) බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ පැවැති මිහිසරු ක්ෂේත්‍ර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ සහතික පත්‍ර බෙදා දීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙලෙස ද කීවේය.
“බස්නාහිර පළාත පිරිසුදු ප්‍රදේශයක් බවට පත්කිරීමේ වැඩසටහන තනි පුද්ගලයන් වශයෙන් සිදු කළ හැක්කක් නොවේ. ඒ සඳහා සියලු දෙනාගේ එකමුතුව සහ කැපවීම අවශ්‍ය කරනවා. අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වෘත්තීය නිපුණතාව ලබමින් සහතික පත් ලබන සියලු දෙනාගේ කැපවීම ඉදිරියේදී ඒ සඳහා බලාපොරොත්තු වෙනවා.
බස්නාහිර පළාත් සභාව යටතේ ස්ථාපිත අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියෙන් පවත්වාගෙන යන මේ පුහුණූ මධ්‍යස්ථානයෙන් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන පළාත් සභා බල ප්‍රදේශයේ ඇති පළාත් පාලන ආයතනවල සහ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවල සේවයේ නියුතු වුවන්ට අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය නිපුණතා මට්ටමේ පාථමාලා සහතික පත්‍ර මෙන්ම ඩිප්ලෝමා පාඨමාලා යන අංශ ඔස්සේ පුහුණු වැඩසටහන් පවත්වනවා.”
2024 පැවැත්වූ පුහුණු වැඩසටහන් මඟින් සහතික පත්‍රලාභීන් 180කට මෙහිදී සහතික පත් බෙදා දීම සිදු කෙරිණි. මෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ‘දිනමිණ’ පුවත්පත ද දායක විය.
මේ අවස්ථාවට අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
රන්මලී සෝමසිරි
ඡායාරූපය – හිරන්ත ගුණතිලක