මීරිගම අධිවේගී මඟේ රිය අනතුරින් මිය ගිය තුන්වැනියා
මීරිගම – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගියදා (18) මධ්‍යම රාත්‍රියේ සිදු වූ රිය අනතුරින් මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිය ඊයේ (26) අලුයම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබේ. තමන්ගේ සියලු ඥාති මිත්‍රාදීන්ගේ ඇසට කඳුළක් එක් කරමින් මෙලෙස මියගොස් ඇත්තේ මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි සතීෂා නිලන්ති මහත්මියයි.
පසුගියදා (18) සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිය සමඟ යාපනය, නාගදීපයේ තෙදින සංචාරයකට ගොස් නැවත එමින් සිටිය දී කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා ඇතුළු 7 දෙනෙකු ගමන් ගත් වෑන් රථය ලොරියක ගැටී අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම අධිවේගී පිවිසුම ආසන්නයේදීය. අනතුර සිදුව තිබුණේ, කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඒ දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරියක පිටුපස ගැටීමෙන් බව පොලීසිය පැවසීය. අනතුර සිදුවූ අවස්ථාවේදීම ගුණේන්ද්‍ර ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්වූ අතර, ඊට දින දෙකකට පසුව ඔහුගේ බිරියගේ සහෝදරයා වූ රවිඳු තීක්ෂණ මහතා ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්විය.
ඒ අනුව මේ මාරක අනතුරින් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් ඇත. 46 හැවිරිදි ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතා සහ සතීෂා නිලන්ති මහත්මියට දරුවන් තිදෙනෙකි. අනතුරෙන් පසුව දරුවන් කොළඹ ළමා රෝහලෙන් ප්‍රතිකාර ලැබීමෙන් පසුව ඥාතීන්ගේ භාරයට පත් කර තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූ බිරියගේ සොහොයුරා මෙරටට පැමිණ ඇත්තේ තම පියාගේ වාර්ෂික දානමය පින්කමට වන අතර එම පින්කමෙන් අනතුරුව පවුලේ සියලු දෙනා යාපනය සංචාරයේ නිරතව තිබේ.
සංචාරය නිමවා නැවත පැමිණෙමින් සිටියදී පිරිස මේ අනතුරට මුහුණ දී තිබේ.
විශ්වවිද්‍යාල සිසු දරුවන් දහස් ගණනකගේ නැණස පාදා ඇති ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතාගේ වියෝව කැලණිය සරසවියට මෙන්ම මුළු මහත් ජාතියටම සිදුවූ පිරවිය නොහැකි පාඩුවකි.
ඇයගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය ඊයේ (26) කොළඹ ජාතික රෝහලේදී පැවැත්විණි. දේහය හෙට (28) උදේ 8.30 සිට අනිද්දා (29) දහවල් 12 වන තෙක් මාලබේ, තලාහේන මහින්ද පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කරන අතර ඉන්පසුව මාකොළ දකුණ, ගාමිණී මාවත, රන්කෙත්යාය පාර නිෙවසේ තැන්පත් කෙරේ. එදින සවස මාකොළ, නෙල්ලිගහවත්ත පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.
මේ ශෝචනීය මරණ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ද සිය අදහස් පළ කර ඇති අතර ඒවායින් සමාජයට ගතහැකි පාඩම් ද බොහෝය. ඒවා අතර “මෙහෙම ශෝකාන්තයක් ලෙස කෙළවර නොවෙන්න ඕනෑ ජීවිත” හරිම ලස්සන පවුලක්, දරුවන්ගේ නාමයෙන් අපරික්ෂාකාරීව රිය පදවන්න යන්න එපා” ගයන්ත සර් ඔයාගේ ආදරණීය බිරියත් එක්ක ඉන්න ලෝකයක ඉඳන් හරි අනේ ඒ පුංචි පැටව් ටික බලාගන්න…” යන්න සැමදෙනාගේම අවධානය දිනාගත් ඇසට කඳුළක් එක් කළ සටහන් වෙයි.
රක්ෂණ ශ්‍රියන්ත සහ කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර