ඉන්දියාවේ සිට මුහුදු මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ප්‍රවාහනය කරමින් තිබූ මද ඉවත් කළ එනසාල් උර 13ක් සහ වියළි කහ උර අටක් සහිත ලොරි රථයක් සැකකරුවන් දෙදෙනකු ද සමඟින් කල්පිටිය අල්අක්ෂා හන්දියේ දී පෙරේදා (25) දින පෙරවරුවේ කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම උරවල මද ඉවත් කළ එන්සල් කිලෝ ග්‍රෑම් 255ක් තිබී ඇති අතර කහ උර අට තුළ වියළි කහ කිලෝ ග්‍රෑම් 145ක් තිබී ඇත. මේවායේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්නය. සැකකරුවෝ වත්තල මාබෝල පදිංචි වයස අවුරුදු 47, 49 වියේ පසු වෙන්නන් වෙති. නඩු භාණ්ඩ සහ සැකකරුවන් කටුනායක රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය. කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා සහ මාරවිල සමූහ – මිහිර විජේසේකර