Home » මහනුවර-මාතලේ දිසාභාර නව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ

මහනුවර-මාතලේ දිසාභාර නව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ

by sachintha
March 27, 2025 4:17 pm 0 comment

මහනුවර සහ මාතලේ දිසාභාර නව නියෝජ්‍ය පොලිස්පති ලෙස සුදත් මාසිංහ මහතා ඊයේ (26) වැඩ භාරගනු ලැබීය.

සුදත් මාසිංහ මහතා පොලිස් සේවයට එක්වන්නේ 1989දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසිනි. 2008දී මාසිංහ මහතා සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලැබීය. පොලිස් අධිකාරි ධුරයට 2014දී උසස්වීම් ලද ඒ මහතා 2018දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට පත්විය. තංගල්ල, ගාල්ල, බණ්ඩාරවෙල, රත්නපුර, මහනුවර, මඩකළපුව සහ ඇඹිලිපිටිය කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කර තිබේ. පොලිස් මූලස්ථානයේ මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ධුරයේ ද හෙතෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස අවසන්වරට සේවයේ නිරත විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියකු වන ඒ මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක ක්‍රමෝපාය පිළිබඳ පශ්චාත් උපාධිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව අයිතිවාසිකම් හා බහු සංස්කෘතිකවාදය පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ඇත.

මාසිංහ මහතා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT