467
දෙවුන්දර ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් 04 දෙනෙකු පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
දෙවුන්දර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකට සහභාගි වී යතුරු පැදියකින් යළි පැමිණෙමින් සිටියදී තරුණයින් දෙදෙනෙකු ඉකුත් 21වැනිදා රාත්‍රී 11.45ට පමණ මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්‍ෂයට පත්විය. වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් එම තරුණයන් දෙදෙනාට වෙඩි තබා තිබුණි.