Home » රුපියල් මිලියන 08කට කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු පරන්තන් දී නීතියේ රැහැනට

රුපියල් මිලියන 08කට කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු පරන්තන් දී නීතියේ රැහැනට

by yasara
March 27, 2025 11:24 am 0 comment

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ විස්සයි (20)  ග්‍රෑම් එකසිය පනහක (150) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්  සමඟ සැකකරුවෙකු  ඊයේ  (26 )  රාත්‍රී සොයා ගෙන තිබෙයි.

උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව පරන්තන් ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී මෙම කේරළ ගංජා තොගය හමුවී තිබෙයි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ  වටිනාකම රුපියල් මිලියන 08කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වන සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT