Home » බස් රථයක් සහ කුඩා ලොරියක් ගැටී පාසල් සිසුන් 15 කට තුවාල

බස් රථයක් සහ කුඩා ලොරියක් ගැටී පාසල් සිසුන් 15 කට තුවාල

by yasara
March 27, 2025 10:03 am 0 comment

හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ඉංගිරිය ‍පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර ලොරියේ රියදුරු සහ සහායකයාද වන බවයි.

තුවාල ලැබූවන් ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි ලොරි රියදුරු සහායක ඇතුළු පාසල් සිසුන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

පෞද්ගලික බස් රථයේ හොරණ දෙසට පැමිණෙමින් සිටියදී හා කුඩා ලොරිය ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර වී තිබුණි

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT