ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කනෝවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
හමාස් අනුබද්ධ ෂෙහාබ් ප්රවෘත්ති ඒජන්සිය විසින් අබ්දුල් ලතීෆ් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ ඔහු රැඳී සිටි කූඩාරම ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. එහිදී තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තාවේ.
හමාස් හි වැදගත් මාධ්‍ය චරිතයක් වන අබ්දුල් ලතීෆ් හමාස් සංවිධානයේ දැක්ම සහ ස්ථාවරයන් පැහැදිලි කිරීම සම්බන්ධයෙන් වූ වගකිව යුතු කාර්යාභාරයක් ඉටු කළ අයෙක් ලෙස සැලකේ.
අබ්දුල් ලතීෆ් 2000 වසර ආරම්භයේදී හමාස් සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ පාසල් යන අතරතුර දීය.
විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු, ඔහු උතුරු ගාසා හි හමාස් ව්‍යාපාරයේ මාධ්‍ය කාර්යාලවල සේවය කළ අතර 2007 දී උතුරු ගාසා කාර්යාලයේ හමාස් සඳහා මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු බවට පත්විය. ඔහු 2007 දී උතුරු ආණ්ඩුකාර කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් වූ අතර 2016 දී හමාස් හි මාධ්‍ය ප්‍රකාශකයෙකු බවට පත්විය.