Home » බලුකිස්තානයේ විරෝධතාවකට පාකිස්තාන හමුදාවෙන් වෙඩි ප්‍රහාරයක්

බලුකිස්තානයේ විරෝධතාවකට පාකිස්තාන හමුදාවෙන් වෙඩි ප්‍රහාරයක්

by sachintha
March 27, 2025 4:16 pm 0 comment

බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා අගනුවර පැවති සාමකාමී විරෝධතාවකට පාකිස්තාන රජයේ හමුදාව විසින් සිදු කරනු ලැබූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වෙඩි ප්‍රහාරයෙන් විරෝධතාකරුවන් රැසක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම වෙඩි ප්‍රහාරය සම්බන්ධව බලුකිස්තාන ප්‍රාන්තයේ ප්‍රබලතම සමාජ ක්‍රියාකාරී නායකයකු වන මහ්රාංග් බලෝචි පාකිස්තාන රජයට චෝදනා එල්ල කර ඇති අතර, කිසිදු වගවිභාගයකින් තොරව වෙඩි තැබීම හෙළා දකින බව ද ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බලුකිස්තාන ප්‍රාන්තයේ අඛණ්ඩව සිදුවන බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධව පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 58 වැනි මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී දැඩි අවධානයට ලක්වී ඇතැයි ද, බලුකිස්තාන ජාතික ව්‍යාපාරයේ විදේශ කටයුතු අංශය එහිදී බලුකිස්තාන ප්‍රාන්තයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් එම රැස්වීමට සහභාගි වූ නියෝජිතයන්ගේ අවධානයට ලක් කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT