පාකිස්තානයේ ජනාකීර්ණ නගරයක් වන කරච්චි නුවර මේ වසරේ ගතවූ මාස 3කට ආසන්න කාලය ඇතුළත රිය අනතුරුවලින් පුද්ගලයන් 182 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයිද, පළමු දින 37දී පමණක් පුද්ගලයන් 39 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරුවලින් තවත් පුද්ගලයන් 2,211 දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ. අතිශය කාර්යබහුල නගරයක් ලෙස ප්‍රකට කරච්චි නුවරින් වාර්තා වන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් බර වාහන ආශ්‍රිතව සිදුවී ඇති අතර, මේ වසරේදී පුද්ගලයන් 57 දෙනකු බර වාහන අනතුරුවලින් මියගිය බව ද පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
එරට රිය අනතුරු බහුලතම නගරය ලෙස ප්‍රකට කරච්චි නුවර පවතින තත්ත්වය පිළිබඳ පාකිස්තාන මහජන පක්ෂයේ නායක බිල්වාල් භූතෝගේ දැඩි අවධානයට ලක්වී ඇතැයි ද, අනතුරු වළක්වා ගැනීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙස එම නගරය ඇතුළත් සින්ද් ප්‍රාන්ත රජයට උපදෙස් ලබා දී ඇතැයිද පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
පසුගිය වසරේ පාකිස්තානයෙන් වාර්තා වූ රිය අනතුරුවලින් 9,000කට ආසන්න ප්‍රමාණයක් සිදුවී ඇත්තේ කරච්චි නුවර වන අතර, අධික මාර්ග තදබදය මධ්‍යයේ මාරාන්තික රිය අනතුරු වළක්වා ගැනීමට මාර්ග නීති දැඩි කිරීම සම්බන්ධව රජයේ අවධානය ලක්විය යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබේ.