Home » ඊශ්‍රායල හමුදාව පලස්තීන සිනමාකරු නිදහස් කරයි

ඊශ්‍රායල හමුදාව පලස්තීන සිනමාකරු නිදහස් කරයි

by sachintha
March 27, 2025 11:15 am 0 comment

ඊශ්‍රායල හමුදාව විසින් පැහැරගනු ලැබූ ඔස්කාර් සම්මානලාභී පලස්තීන සිනමාකරු හම්ඩාන් බලාල් පැය 24කට ආසන්න කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු නිදහස් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. පෙරේදා හෙබ්‍රොන් නුවර සිය නිවෙසේදී බටහිර ඉවුරේ ඊශ්‍රායල ජාතික පදිංචිකරුවන් පිරිසකගේ පහරදීමට ලක්වූ හම්ඩාන් බලාල් රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථයකට නැංවීමට සූදානම් වූ අවස්ථාවේදී ඊශ්‍රායල හමුදාව පැහැරගෙන ගොස් තිබූ අතර, ඒ වනවිට ඔහු තුවාල ලබා සිටි බව ද වාර්තා වේ.

පැහැරගෙන යෑමෙන් පසු ඔහුට ඊශ්‍රායල සෙබළුද පහරදී ඇති බවත්, නිදහස් කිරීමෙන් පසු රෝහල්ගත කර ඇති බවත් ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ. දැඩි ලෙස විජලනයට ලක්වී සිටි හම්ඩාන් බලාල් ප්‍රතිකාර ගැනීමෙන් පසු රෝහලෙන් පිටව ගිය බව ද වාර්තා වේ.

රමලාන් උපවාසය අවසන් කිරීමේ ඉෆ්තාර් උත්සවයෙන් මොහොතකට පසු ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් පැමිණ සිය සැමියාට පහර දුන් බවත්, පසුව ඊශ්‍රයාල හමුදා සෙබළුන් පැමිණ ඔහු රැගෙන ගිය බවත් හම්ඩාන් බලාල්ගේ බිරිය සීඑන්එන් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. හම්ඩාන් බලාල් පසුගිය ඔස්කාර් සම්මාන උලෙළේදි හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ No Other Land චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT