නැඟෙනහිර ප්‍රංශයේ පිහිටි සාන්ත ඩිසයිර් ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පෙරහුරුවක අතරතුර ප්‍රංශ ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් උඩුගුවනේදී එකිනෙක ගැටී කඩා වැටුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම අනතුර සිදුවී ඇත්තේ පෙරහුරුවට සහභාගි වූ ජෙට් යානා 6ක් විවිධ වර්ණයන් විහිදුවමින් පහළට පියාසර කරමින් සිටියදී බවත්, යානා 4ක් පහළට පියාසර කරද්දී සෙසු යානා දෙක එකට ගැටී කඩා වැටී ඇතැයි එරට ගුවන් හමුදාව ප්‍රකාශ කර තිබේ.
අනතුර සිදුවීමත් සමඟ පැරෂූට් ආධාරයෙන් ඉන් ඉවත් වූ එහි නියමුවන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු සුළු තුවාල ලබා ඇති අතර, පසුව රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ. අනතුරට ලක් වූ එක් ජෙට් යානයක් ධාන්‍ය ගබඩාවකට කඩා වැටීමෙන් විශාල ගිනිජාලාවක් හටගත් බව ද වාර්තා වේ.