Home » මෙතෙක් කල් නොවිසඳුණු ගැටලු ගැන කියන්න සරසවි සිසුන්ට ඉඩක්

මෙතෙක් කල් නොවිසඳුණු ගැටලු ගැන කියන්න සරසවි සිසුන්ට ඉඩක්

by chanaka
March 27, 2025 1:13 pm 0 comment

රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙතෙක් කල් නොවිසඳුණු ශිෂ්‍ය ගැටලු අමන්ත්‍රණය කිරීම සඳහා පැවැත් වූ ශිෂ්‍ය හමු මාලාවක් පසුගිය සති කිහිපය පුරා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සහ වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි.

තම අධ්‍යයන, සුබසාධාන ගැටලු සම්න්ධයෙන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව එහිදී සරසවි සිසුන්ට හිමි වූ අතර රජයේ ඉදිරි මැදිහත්වීම් සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීම ද සිදු විය.

එම ශිෂ්‍ය හමු මාලාවට සමගාමී ව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය, රජරට විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමඟ එක් එක් අධ්‍යයන අංශවලට අනන්‍ය වූ ගැටලු සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා සිදු විය.

මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, වව්නියා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා හික්ෂු විශ්වවිද්‍යාලය ආදි විශ්වවිද්‍යාල රැසක සහ රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන කිහිපයක ශිෂ්‍ය සංගම් නියෝජිතයින් මෙම සාකච්ඡා මාලාව සඳහා එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT