Home » පළාත් පාල​න මැතිවරණ​යේ ඡන්දදායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මෙන්න

පළාත් පාල​න මැතිවරණ​යේ ඡන්දදායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මෙන්න

by chanaka
March 27, 2025 12:59 pm 0 comment

පළාත් පාල​න මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි අඩුම මුදල වන රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා වන අතර වැඩිම මුදල වන රුපියල් 160 ප්‍රකාශයට පත් කර ඇත්තේ ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT