Home » විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට නීති මාලාවක්

විදේශිකයින්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට නීති මාලාවක්

by chanaka
March 27, 2025 9:19 am 0 comment

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරට දී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.

කෙසේ නමුත්, ඒ හේතුවෙන් පසුගිය කාලසීමාවේ දී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ, මාරක හා බරපතළ අනතුරුවලට ලක්ව ඇති බවට පොලීසියට නිරීක්ෂණය වී ඇත.

එහිදී පොලීසියට කරුණු අනාවරණය වී ඇත්තේ, විදේශිකයන්ට ත්‍රීරෝද රථ පැඳවීම සඳහා බලපත්‍ර නොමැති බවත් එමෙන්ම ඔවුන්ට ඒ සඳහා නිසි පුහුණුවක් හෝ නොමැති බවය.

මෙම තත්ත්වය වලක්වාගැනීම හා පාලනයකිරීම සඳහා ගනුලබන පියවරක් ලෙස යම් විදේශිකයෙකු ත්‍රිරෝද රථ පදවන අවස්ථාවකදී, ඔහුට වලංගු බලපත්‍රයක් නොමැති නම් එම රථයේ අයිතිකරු කැඳවා ප්‍රකාශ සටහන් කොට ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

එමෙන්ම විදේශිකයන් සඳහා වාහන ලබාදීමේදී විශේෂයෙන් ත්‍රීරෝද රථ ලබාදීමේදී මෙරට වාහන පැදවීම සඳහා නිසි වලංගු රියදුරු බලපත්‍රයක් සන්තකයේ තිබේද යන්න නිවැරදිව පරීක්ෂා කර බලා අදාළ වාහන ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස පොලීසිය සංචාරකයන් සඳහා වාහන ලබාදෙන ආයතන හා හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT