Home » කවරයට වැඩි යමක්… එදත් අදත් මාලිනී

කවරයට වැඩි යමක්… එදත් අදත් මාලිනී

by sachintha
March 26, 2025 4:17 pm 0 comment

පාසල් වේදිකාවේ ‘නොරත රත’ සහ රිදී තිරයේ ‘පුංචි බබා’ගේ සිට මේ දක්වාම ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ නාමාවලිය බොහෝ දිගු ය. ඇතැම් රංගන ශිල්පිනියන් කලාත්මක සිනමාවටද, තවත් ශිල්පිනියන් වානිජ්‍ය සිනමාවටද, ඌනිත වෙද්දී ඇය රංගනයේ සීමා මායිම් බොඳ කරමින් ජනාදරයට පත් ආදරණීය ගැහැනිය වූවා ය. මල්ගස් වටේ දුවන කෙළිලොල් ආදරවන්තියත්, පිරිමින් හා හරි හරියට ගුටි බැට හුවමාරු කරගන්නා සටන්කාරිණියත්, පුරුෂාධිපත්‍යයේත්, කොල්ලකාරී ධනවාදයේත් ලිංගික සූරාකෑමට හසුවූ අහිංසකාවියත් ඇයම ය.

රුක්මණීදේවියගෙන් පසුව වඩාත් ජනාදරයට පත් එකම රංගන ශිල්පිනිය ඇය බැව් ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් පැවසුවේ එබැවිනි.

රංගනයේදී විශිෂ්ටතමයකු වන්නට අවැසි පරිකල්පනය හා පරිඥානය ගොඩනැඟෙන්නේ ජීවිත පරිඥානයෙන්ම ය. අනේකවිධ හැලහැප්පීම් ද, විජයග්‍රාහී අත්පත් කරගැනීම්ද, එක සේ උපේක්ෂා සහගතව අත්විඳිය හැකි බැව් ඇය මැනවින් පසක් කළා ය. රංගන ක්ෂේත්‍රය තුළ ඇයට හිමි තැන හෙට දවසේ කිසිවකු විසින් අත්පත් කරගනීවිදැයි අනාවැකි පළ කළ නොහැකි ය.

එහෙත් එදත් අදත් රිදී තිරයේ සීමා බොඳ කළ විශිෂ්ට රංග පෞරුෂය ඇය යි. ඇය අභිමුඛ කර නොගෙන කිසිවෙකුටත් ලාංකේය සිනමාව හැදෑරිය හැකි නොවේ.

වානිජ්‍ය චිත්‍රපටයක් විසින් ඉල්ලා සිටින රංගන විලාසය වඩාත් බැරෑරුම් චිත්‍රපටයකට මාරු කිරීම රඳා පවතින්නේ සංවේදීතාවයේ තාක්‍ෂණයේ වෙනසක් මත බව අපගෙන් සමහරෙක් අමතක කිරීමට නැඹුරු වන අතර එය ස්වභාවයෙන්ම නිර්මාණාත්මක ක්‍රියාවලියකි. මාලිනී විසින් එය සාර්ථක ලෙස ජය ගෙන තිබේ.

– ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT