Home » 73වැනි ‘රන් මහා සටන‘ 28වැනිදා

73වැනි ‘රන් මහා සටන‘ 28වැනිදා

by chanaka
March 26, 2025 3:35 pm 0 comment

ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටුව මහා විද්‍යාලය අතර 73 වැනි රන් මහා සටන ක්‍රිකට් තරගය මාර්තු 28, 29 සහ 30 යන දිනවල ප්‍රථමවරට තුන් දින තරගයක් ලෙස මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

එසේම 32වැනි එක්දින තරගය අප්‍රේල් මස 06වැනිදා පැවැත්වෙනු ඇත. මෙරට ඉතිහාසයේ 11වැනි පැරණිතම මහා ක්‍රිකට් තරගය ලෙස සැලකෙන පානදුර – මොරටු රන් මහා සටනේ පළමු ක්‍රකිට් හමුව 1934 වසර තෙක් අතීතයට දිව යයි. පසුගිය 2024 වසර දක්වා පාසල් දෙක අතර පැවැති මහා ක්‍රිකට් තරග 72න් ශ්‍රී සුමංගල විදුහල් පිල තරග 08ක් සහ මොරටු මහා විදුහල් පිල තරල 07ක් ජය ගෙන ඇති අතර ඉතිරිය ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

ශ්‍රී සුමංගල විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙස දුරංක සිල්ව මෙවර කටයුතු කරන අතර මොරටු මහා විද්‍යාල විද්‍යාල කණ්ඩායමේ නායකයා ලෙස ඉසුරු ප්‍රනාන්දු කටයුතු කරයි.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය සංචිතය : දුරංක සිල්වා (නායක), සෙනිර විජේගුණසිංහ (උප නායක), අකිල වෙදමුල්ල, මෙවිඳු කුමාරසිරි, නේක්ෂ ඉද්දමල්ගොඩ, රුසිත් ජයවර්ධන, බිහඟ සිල්වා, සන්දීප් විජේරත්න, සදෙව් හෙට්ටිආරච්චි, සදික හේවගේ, අනුහස් ද සිල්වා, ලෙලුම් වීරසිංහ, විසල් හන්සිත, මෙතුම් ප්‍රනාන්දු, චනිරු ප්‍රනාන්දු, දිනූෂ ප්‍රනාන්දු.

මොරටු විද්‍යාලයීය සංචිතය : ඉසුරු ප්‍රනාන්දු (නායක), ෂෙහාර ප්‍රනාන්දු (උප නායක), සංජන සෙනෙවිරත්න, සිතුම් සිල්වා, හසිඳු ගිම්සර, ඔෂද දිනියුයුරු, සවිඳු ෂෙෂෙහාහාර, සත්සර මිහිරංරංග, විහඟ නෙනෙත්සර, සඳුන් සුදර්ශන, මලිත් පෙරේරා, සඳනෙත් යහම්පත්, නිෂිත දුලංජන, සචිත්‍ර පතිරණ, සසිඳු පීරිස්, විසල් ශ්‍රී සත්සර.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT