Home » චමීරලාගේ දිල්ලි පිලට ජය

චමීරලාගේ දිල්ලි පිලට ජය

by sachintha
March 26, 2025 4:35 pm 0 comment

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් පිල පරදවා කඩුල්ලක තියුණු ජයක් හිමි කර ගැනීමට දුෂ්මන්ත චමීර නියෝජනය කරන දිල්ලි කැපිටල්ස් පිල සමත් විය.

විශාඛාපට්නම්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ලක්නව් පිල කඩුලු 8ක් දැවී ලකුණු 209ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය දිල්ලි ක්‍රීඩකයෝ පන්දු 3ක් ඉතිරි කර ගනිමින් ජය තහවුරු කර ගත්තේ කඩුලු 9ක් අහිමිව තිබියදීය.

අශුතෝෂ් ෂර්මා පන්දු 31කදී හතරේ සහ හයේ පහර 5 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 66ක් රැස් කරමින් දිල්ලි පිල ජයග්‍රහණය කරා ගෙන ගියේය. විප්‍රජ් නිගම් පන්දු 15කින් ලකුණු 39ක්, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 34ක් සහ ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 29ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ශර්දුල් ඨාකූර්, දිග්වේශ් රතී, මනිමාරන් සිද්ධාර්ත් සහ රවි බිෂ්නෝයි කඩුලු 2 බැගින් දවා ගත්හ.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිකොල්ස් පූරාන් ලක්නව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ පන්දු 30කින් ලකුණු 75ක් රැස් කරමිනි. මිචෙල් මාෂ් පන්දු 36කින් ලකුණු 72ක්, ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 27ක් රැස් කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු 3ක් සහ කුල්දීප් යාදව් කඩුලු 2ක් දවා ගත්හ.

දුෂ්මන්ත චමීර දිල්ලි පිල නියෝජනය කළත් මේ තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබිණි.

ලක්නව් සුපර් ජයන්ට්ස් – 209/8 (ඕවර 20) නිකොල්ස් පූරාන් 75, මිචෙල් මාෂ් 72, ඩේවිඩ් මිලර් නොදැවී 27 (මිචෙල් ස්ටාක් 42/3, කුල්දීප් යාදව් 20/2)

දිල්ලි කැපිටල්ස් – 211/9 (ඕවර 19.3) අශුතෝෂ් ෂර්මා නොදැවී 66, විප්‍රජ් නිගම් 39ක්, ට්‍රිස්ටන් ස්ටබ්ස් 34, ෆෆ් ඩු ප්ලෙසිස් 29 (ශර්දුල් ඨාකූර් 19/2, දිග්වේශ් රතී 31/2, මනිමාරන් සිද්ධාර්ත් 39/2, රවි බිෂ්නෝයි 53/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT