Home » ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චාමර සිල්වා

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චාමර සිල්වා

by sachintha
March 26, 2025 8:34 am 0 comment

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

තරග රටා ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති 45 හැවිරිදි චාමර සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තෙවැනි ශ්‍රේණියේ සුදුසුකම්ලත් පුහුණුකරුවකු ද වේ.

මේ නව පත්වීම මේ මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, ඔහු ලබන වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා එම තනතුරේ කටයුතු කරනු ඇත.

බ්ලූම්ෆීල්ඩ්, පානදුර සහ අවසන් වරට පොලිස් ක්‍රීඩා සමාජවල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති චාමර සිල්වා 2011 වසරේ ජගත් ක්‍රිකට් පිටියට සමුදුන්නේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක්, එක්දින තරග 75ක් සහ විස්සයි20 තරග 16ක් ක්‍රීඩා කර ඇති ඔහු ටෙස්ට් සහ එක්දි ශතකයක් බැගින් සහ අර්ධ ශතක 13ක් රැස් කර තිබේ.

යොවුන් කණ්ඩායමේ දස්කම් වර්ධනය කරමින් ලබන වසරේ පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීම නව ප්‍රධාන පුහුණුකරුගේ ප්‍රධාන වගකීම වී ඇති අතර, ඔහුගේ පුහුණුව යටතේ ශ්‍රී ලංකා යොවුන් පිල ලබන මස 26 වැනිදා බංග්ලාදේශය යොවුන් පිලට එරෙහිව පළමු තරගාවලියට එක්වීමට නියමිතය. මින් පෙර යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස දිල්රුවන් පෙරේරා කටයුතු කළ අතර, ඔහු පසුගිය වසරේ නොවැම්බර් මස යොවුන් ආසියානු කුසලාන තරගාවලියේදී සිට එම තනතුරට පත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT